English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
25 Dec, 2014 | 10:16 am
පොලීසිය හා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී කාර්යාල සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට පැවැත්වෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා පැවසුවේ, ඊයේ සහ පෙරේදා දින වලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා ලබන 30 වෙනිදා අවස්ථාව සලසා ඇති බව ය.
මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින්ගේ නියෝජිතයින් හා මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතය.
එහිදී පවතින ගැටළු සහ ඉදිරි ජනාධිපතිවරණයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 28 වෙනිදා පැවැත්වෙන බව ය.
මේ අතර, නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර අවසන් බව ද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ, එම නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විට දිස්ත්‍රික් කාර්යාලවලට බෙදා ඇති බවත් තවත් බෙදා හැරීමට කුඩා සංඛ්‍යාවක් පවතින බව ය.
30 Jul, 2020 | 07:00 AM
23 Jan, 2020 | 07:38 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS