නත්තල වෙනුවෙන් ජනපති, විපක්ෂ නායකවරයා සහ මෛත්‍රීපාල සිරිසේන සුබ පැතුම් පණිවුඩ නිකුත් කෙරේ

නත්තල වෙනුවෙන් ජනපති, විපක්ෂ නායකවරයා සහ මෛත්‍රීපාල සිරිසේන සුබ පැතුම් පණිවුඩ නිකුත් කෙරේ

නත්තල වෙනුවෙන් ජනපති, විපක්ෂ නායකවරයා සහ මෛත්‍රීපාල සිරිසේන සුබ පැතුම් පණිවුඩ නිකුත් කෙරේ

කර්තෘ Sakila Udayakumara

25 Dec, 2014 | 11:59 am

අද ආර්ථික විසංතුයේ, දරිද්‍රතාවයේ හා පාරිසරික තර්ජනයන්හි හා ත්‍රස්තවාදෙය් අතිවිශාල අභියෝගයන්ට මුහුන දෙන ලෝකයට ක්‍රිස්තූස් වහන්සේගේ උපතේ පණිවුඩය ගෙනා බෙත්ලෙහෙමේ තාරකාව සමග ඇරඹි දයාවේ හා ඉවසීමේ පණිවුඩයෙන් බොහෝ සේ යහපත සලසා ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නත්තල වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, නත්තල් උත්සවය පවුල් යලි එක්වීමෙත් සමාජීය හා වෙනත් සියලු බාධක ඉක්මවා ත්‍යාග හුවමාරු කර ගැනීමේත් කාලය වන නිසාවෙන් එය කිතුණු බැතිමතුන්ට වඩාත් වැදගත් වනු ඇති බව ය.

අප භුක්ති විඳින නිදහස සමග දේවස්ථාන තුළ සීනු නාද වෙද්දී මෙම උත්සවය සමරන ශ්‍රී ලංකාවේ සියලු කිතුණු බැතිමතුන්ට සාමයෙන් හා සතුටෙන් සපිරි ප්‍රීතිමත් නත්තලක් සඳහා උණුසුම් සුබ පැතුම් එක්කරන බව ද ජනාධිපතිතුමා සිය පණිවුඩය මගින් දැනුම් දෙයි.

මේ අතර අප තුළ ඇති ආලෝකය අඳුරු කර නොගැනීමට නත්තලේ අධිෂ්ඨාන කරගත යුතු බව නත්ලත් දින පණිවුඩයක් නිතුක් කරමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අන්ධකාර තත්ත්වය වෙනස් කොට යහපත් පාලනයක් තුළින් තෘප්තිමත් සමාජයක් යලි ගොඩනංවා ආලෝකවත් දේශයක් නිර්මාණය කළ යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ නත්තල් පණිවුඩයේ සඳහන් වේ.

මේ අතර නත්තල් දින පණිවුඩයක් නිකුත් කරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, නත්තල් සමයේ නිහතමානීකම ගැන පමණක් නොව ක්‍රිස්තූන් වහන්සේ මෙලොවට පැමිණීමේ පරමාර්ථය කුමක් ද යන්න මෙනෙහි කිරීම වැදගත් බව ය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසි ලෙස අනුගමනය කිරීමට නත්තල් සමයේ කිතුණු බැතිමතුන් ගන්නා තීරණය අනිවාර්යෙන්ම හදවත් තුළ සාමය හා සාමදානය දල්වමින් නත්තලේ ප්‍රීතිය අත්විඳීමට හේතුවන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]