දිස්ත්‍රික්ක 10කට නාය යාමේ අධි අවදානම් අනතුරු ඇඟවීමක් (Special Report)

දිස්ත්‍රික්ක 10කට නාය යාමේ අධි අවදානම් අනතුරු ඇඟවීමක් (Special Report)

කර්තෘ Chathuranga Rajapaksha

25 Dec, 2014 | 8:45 pm

දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට නාය යාමේ අධි අවදානම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නාය යෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ජනතාව වඩා අවධානයෙන් පසුවන ලෙස ය.

අධි අවදානම් අනතුරු ඇඟවූ දිස්ත්‍රික්ක අතරට නුවරඑළිය, බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, ගාල්ල මෙන්ම මාතර, හම්බන්තොට, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක ඇතුලත් ය.

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]