තැපැල් ඡන්දය සාමකාමීයි – මැතිවරණ නිරීක්ෂකයින්

තැපැල් ඡන්දය සාමකාමීයි – මැතිවරණ නිරීක්ෂකයින්

තැපැල් ඡන්දය සාමකාමීයි – මැතිවරණ නිරීක්ෂකයින්

කර්තෘ Sakila Udayakumara

25 Dec, 2014 | 10:51 am

ජනාධිපතිවරණයේ ඊයේ සහ පෙරේදා පැවති තැපැල් ඡන්ද සලකුණු කිරීම සාමකාමීව පැවති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ, තැපැල් ඡන්ද සලකුණු කිරීම සාමකාමීව පැවතියත් දිනෙන් දින ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යන බව ය.

මේ අතර, ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ, සුළු සිදුවීම් කිහිපයක් හැර තැපැල් ඡන්ද සලකුණු කිරීම සාමකාමීව පැවති බව ය.

ජනාධිපතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ අතර ප්‍රාදේශීය දේශපාලනඥයින් ද වන බව ය.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර මේ වන විට ඇප මත මුදාහැර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ජනාධිපතිවරණය සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා සහ නීති කඩ කිරීම් සම්බන්ධ පැමිණිලි 80ක් පමණ ලැබී ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]