ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන අසිරිමත් නත්තල අද (VIDEO)

ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන අසිරිමත් නත්තල අද (VIDEO)

කර්තෘ Sakila Udayakumara

25 Dec, 2014 | 12:25 pm

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද මහත් බැතියෙන් සමරයි.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සැමරෙන නත්තල,ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි.

අදින් වසර 2014කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙරනිමිති පහළ කරමිනි.

ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ , සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටු කළේ අපරිමිත මෙහෙවරකි.

තමන්ට විමුක්ති මග දෙසු ඒ ශාස්තෲවරයාගේ උත්පත්තිය ලක්ෂ සංඛ්‍යාත කිතුනු බැතිමතුන් සමරන්නේ මහත් භක්තියෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]