එක තැන පල්වෙමින් තිබිච්ච ආර්ථිකයක් අපි වෙනස් කළා – ජනපති (VIDEO)

එක තැන පල්වෙමින් තිබිච්ච ආර්ථිකයක් අපි වෙනස් කළා – ජනපති (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

25 Dec, 2014 | 6:08 pm

රටේ සංවර්ධනය දෙස බලා සිටින නොහැකි පිරිස් අභූත චෝදනා එල්ල කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊ‍යේ මොරටුව ප්‍ර‍දේශ‍යේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් එම ජන හමුව සංවිධාන කරනු ලැබිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

[quote]2010 මහින්ද චින්තන ඉදිරි ගමනේදී අපි මේ රට සංවර්ධන කිරීමේ අඩිතාලම දැම්මා. එක තැන පල්වෙමින් තිබිච්ච ආර්ථිකයක් අපි වෙනස් කළා. මිනිස්සුන්ගේ ආදායම් මාර්ග වැඩිකරලා ක්‍රමවේද සකස් කළා. දිවිනැගුම වැඩපිළිවෙළ ඇති කරලා ජනතාවට සහන සලසන්න ඔවුන්ගේ දිවි ගමන සාර්ථක කරන්න වැඩපිළිවෙළක් සකස් කළා. මේ සියල්ල කරලා රට සංවර්ධනය වෙනකොට මේක දිහා බලන් ඉන්න බැරි ඊර්ෂියාවෙන්, මේක බලා ඉන්න බැරි ක්‍රෝධයකින් සමහරු හිටියා කියන එක අපි අමතක කරන්න එපා. අද අභූත චෝදනා ඉදිරිපත් කරනවා හාමුදුරුවනේ. අද ඔවුන් ඉදිරිපත් කරන ඔවුන්ට ප්‍රතිපත්තියක් නැහැ. වැඩපිළිවෙළක් නැහැ.[/quote]

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පිටකොටුව වෙළඳ සංගම් නියෝජිතයින් අතර හමුවක් ද ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]