කුමාර් සංගක්කාර ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

කුමාර් සංගක්කාර ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

කුමාර් සංගක්කාර ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

කර්තෘ Chathuranga Rajapaksha

13 Dec, 2014 | 6:26 pm

2015 ලෝක කුසලානයෙන් පසු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, එංගලන්තය අද සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.

අද තරගයේදී සංගක්කාර ලකුණු 112ක් ලබා ගැනීමට සමත් විය.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ශ්‍රී ලංකාවට ලකුණු 90ක ජයක් හිමිවිය.

වර්ෂ 2000දී පකිස්ථානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීම කුමාර් සංගක්කා සමත් විය.

තම පළමු තරගයේදී සංගක්කාර ලබාගත් ලකුණු ගණන 35කි.

මේ වනවිට එක්දින ක්‍රිකට් තරග 389ක් තුළ ඉනිම 366ක් ක්‍රීඩා කර ඇති කුමාර් සංගක්කාර ලබාගෙන ඇති ලකුණු ගණන 13339කි.

ඊට අර්ධ ශතක 91ක් සහ ශතක 20ක් ඇතුලත්ය.

ඉනිමකදී ඔහු ලබාගෙන ඇති වැඩිම ලකුණු ගණන 169කි.