BREAKING: රජයෙන් ඉවත් වූ නියෝජ්‍ය අමාත්‍යවරු මෛත්‍රීට සහය පළ කරති (VIDEO)

BREAKING: රජයෙන් ඉවත් වූ නියෝජ්‍ය අමාත්‍යවරු මෛත්‍රීට සහය පළ කරති (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

10 Dec, 2014 | 4:35 pm

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන පී. දිගම්බරම් සහ වී. රාධක්‍රිෂ්ණන් යන මහත්වරු අද ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ  පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසෙන මහතාට සහය දැක්වීමට තීරණය කළහ.

අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පැවසුවේ, ‍තමන් සමග පළාත් සභා මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 34 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වූ බව ය.

ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනා අද පස්වරුවේ කෙළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වූහ.