සීගිරි පර්වතය පාමුල වසර 1600ක් පැරණි සිතුවම් සහිත ලෙනක්

සීගිරි පර්වතය පාමුල වසර 1600ක් පැරණි සිතුවම් සහිත ලෙනක්

සීගිරි පර්වතය පාමුල වසර 1600ක් පැරණි සිතුවම් සහිත ලෙනක්

කර්තෘ Kumudu Jayawardana

10 Dec, 2014 | 10:37 am

සීගිරිය පර්වතය පාමුල ඇති දැරණියගල ගුහාව නමින් හැඳින්වෙන ලෙනෙහි ඇති චිත්‍ර ක්‍රිස්තු වර්ෂ 390 ත් 540 ත් අතර කාලයට අයත් බව තහවුරු කරගෙන තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කාබන් 14 කාල නීර්ණයට අනුව එම තීරණයට එළඹුණු බව ය.

දැරණියගල ගුහාව නමැති ලෙනෙහි කාන්තා රූප 22ක් දක්නට ලැබේ.

එම චිත්‍ර ශෛලිය සීගිරියේ ප්‍රධාන පර්වතයේ චිත්‍රවලට සමානකමක් දක්වන බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැරණියගල ලෙනේ චිත්‍ර නිර්මාණය කළ කාලය සම්බන්ධයෙන් විවිධ මත මීට පෙර පැවති බව පෙන්වා දෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, එහි සිතුවම් සහිත බදාමයේ තිබී අඟුරු කැබල්ලක් සොයාගත් බව ය.

එය අමෙරිකාවේ, කාල නීර්ණ විද්‍යාගාරයට යොමු කිරීමෙන් පසු අදාළ ප්‍රතිඵල වාර්තාව ලැබුණු බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ක්‍රිස්තු වර්ෂ 390 ත් 540 ත් අතර කාලයට එම චිත්‍ර අයත් බව සනාථ වී ඇති අතර එම කරුණු පදනම් කර අදාළ චිත්‍ර කාශ්‍යප රජ සමයේ හෝ ඊට ආසන්න කාලයක බවට අනුමාන කෙරේ.

කාශ්‍යප රජතුමා රජ්‍ය පාලනය කළේ, ක්‍රිස්තු වර්ෂ 473 සිට ක්‍රිස්තු වර්ෂ 491 දක්වා කාල සීමාව තුළ ය.