වයඹ රාජකීය විදුහලේ සාමාන්‍ය පෙළ විභාගය විනාඩි 15ක් ප්‍රමාද වෙයි

වයඹ රාජකීය විදුහලේ සාමාන්‍ය පෙළ විභාගය විනාඩි 15ක් ප්‍රමාද වෙයි

වයඹ රාජකීය විදුහලේ සාමාන්‍ය පෙළ විභාගය විනාඩි 15ක් ප්‍රමාද වෙයි

කර්තෘ Kumudu Jayawardana

10 Dec, 2014 | 11:17 am

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ, වයඹ රාජකීය විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේ ඊයේ විභාගය විනාඩි 15ක් ප්‍රමාද වී ආරම්භ කළ බවට ලංකා ගුරුසේවා සංගමය චෝදනා කරයි.

එහි සභාපති ලාල් කුමාර මහතා පැවසුවේ, විභාග මධ්‍යස්ථානයේ නිළධාරීන්ගේ නොසැලකිලිමත්කම ඊට හේතු වී ඇති බව ය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා විභාග කොමසාරිස්වරයාට ලිඛිත පැමිණිල්ලක් කළ බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ, එවැනි සිද්ධියක් සිදු වී ඇති බවට තමන්ට වාර්තා වී නොමැති බව ය.

ප්‍රායෝගික ගැටලු මත විනාඩි කිහිපයක් පමණක් ප්‍රමාද විය හැකි බව ත් එවැනි විනාඩි කිහිපයක් ප්‍රමාද වූයේ නම් එම කාලය සිසුන්ට ලබා දීමට කටයුතු කරනු ඇති බව ත් ඔහු ප්‍රකාශ කළේ ය.

විභාග කොමසාරිස් ජනරාල් වරයා පැවසුවේ, එය විභාග කටයුතුවලට ගැටලුවක් නොවන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]