දරුවෙකු ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ නිට්ටඹුව රිය අනතුර (VIDEO)

දරුවෙකු ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ නිට්ටඹුව රිය අනතුර (VIDEO)

කර්තෘ Sagarika Chathumali

10 Dec, 2014 | 3:17 pm

නිට්ටඹුව රදාවඩුන්න ප්‍රදේශයේදී වෑන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් වයස අවුරුදු එක හමාරක දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අනතුරින් තව ත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

අද අලුයම 2ට පමණ සිදුවූ අනතුරෙන් තුවාල ලැබූවන් කෑගල්ල හා වරකාපොළ රොහල්වලට ඇතුළත් කර තිබේ.

අනතුරෙන් තුවාල ලබා හා මිය ‍ගොස් ඇත්තේ වෑන් රථයේ සිටි පිරිසකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.