ජනපති ඉන්දියාවේදී තිරුමල වෙන්කටේෂ්වර කෝවිල වැදපුදා ගත් අයුරු (VIDEO)

ජනපති ඉන්දියාවේදී තිරුමල වෙන්කටේෂ්වර කෝවිල වැදපුදා ගත් අයුරු (VIDEO)

කර්තෘ Sagarika Chathumali

10 Dec, 2014 | 8:08 pm

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුපති ප්‍රදේශයේ තිරුමල වෙන්කටේෂ්වර හින්දු දේවස්ථානයේ කළ සංචාරයකින් අනතුරුව  අද පෙරවරුවේ දිවයිනට පැමිණියේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද හිමිදිරියේ  තිරුමල වෙන්කටේෂ්වර හින්දු දේවස්ථානයේදී සහභාගී වූ පූජාවට තිස්ස අත්තනායක මහතා ද එක්ව සිටියේ ය.

රොයිටර් පුවත් සේවය පවසන්නේ ජනාධිපතිවරයාට හා දේවස්ථානයට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ බව ය.

මේ අතර ලංකා සම සමාජ පක්ෂ සාමාජිකයින් පිරිසක් අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කරන බව මෙහිදී ඔවුන් ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.