ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීමට මිලියන 50ක වියදමක්- මැතිවරණ කොමසාරිස් (VIDEO)

ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීමට මිලියන 50ක වියදමක්- මැතිවරණ කොමසාරිස් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

10 Dec, 2014 | 8:22 pm

ජනාධිපතිවරණයට අදාළව ඇති අනවසර ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 50ක් පමණ වැය කිරීමට සිදුවනු ඇතැයි, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද පෙරවරුවේ, මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ඒ සඳහා 2000කට අධික තාවකාලික සුළු කම්කරුවන් බඳවා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ය.

එක් අපේක්ෂකයෙකුට අගතියක් හෝ බාධාවක් වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස රාජ්‍ය ආයතනවලට උපදෙස් දී ඇති බව ද මැතිවරණ කොමසාරිස්වරයා පැවසී ය.

යම් අපේක්ෂකයෙකුට විශේෂ සැලකිල්ලක් හෝ යම් අපේක්ෂකයෙකුට අගතියක් වන ආකාරයට කටයුතු කිරීමෙන් සියලු රාජ්‍ය ආයතන රාජ්‍ය මාධ්‍ය විශේෂයෙන් ම ක්‍රීඩාංගණ රැස්වීම් ශාලා පිහිටි අයිති පළාත් පාලන අයාතන භාර නිලධාරීන් ක්‍රියාත්මක විය යුතු බවට අපි උපදෙස් නිකුත් කරලා තිබෙනවා