නිමල් සිරිපාල, තිස්ස අත්තනායක සහ ජයන්ත කැටගොඩ සහභාගී වූ මාධ්‍ය හමුව (VIDEO)

නිමල් සිරිපාල, තිස්ස අත්තනායක සහ ජයන්ත කැටගොඩ සහභාගී වූ මාධ්‍ය හමුව (VIDEO)

කර්තෘ Sagarika Chathumali

09 Dec, 2014 | 9:53 pm

තිස්ස අත්තනායක මහතා මහත්මා දේශපාලනයේ සංකේතයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු ඒ  බව පැවසුවේ, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි අතර ඔහු එහිදී පවසුවේ, තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු බව ය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා දින වීමට ගත්තු තීන්දුව සමග තමන්ට එකඟවීමට හැකියාවක් නොමැති බව ඔහු එහිදී අවධාරණය කළේ ය.

[quote]මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා හැටියට, තීරණය ක‍රනකොට නාමයෝජනා භාරදීමට ප්‍රථම ආණ්ඩුවේ 25 දෙනෙක් මේ ව්‍යාපාරයට එකතු කර ගන්නවා කියන ප්‍රතිඥාව. හැබැයි අපිට තිබුණ ලොකුම ප්‍රශ්ණය තමයි, මෙකේ පළමුවැනි පොරොන්දුව ඊයේ නාමයෝජනා පත්‍ර භාර දෙන්නට අනුමත කරලා නාමයෝජනා භාර දෙන්නට ප්‍රථම ආණ්ඩුවෙක් 20 ක් 25 ක් අරගෙන ඇවිල්ලා ශක්තිය පෙන්වනවා කිව්ව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, නාමයෝජනා භාර දෙන අවස්ථාව වෙනකොට සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා හිටියේ[/quote]
මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා  ද එක්ව සිටි අතර ඔහු එහිදී සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.

[quote]ඒ ත්‍රස්තවාදය නැවත ආරම්භ කරන්න ඊට අවශ්‍ය කරන පහසුකම්, සලසන්නන් හැටියට ක්‍රියා කරන දේශපාලන ගිවිසුම්, ක්‍රියාත්මක කරන්න සැලසුම්  කරන, කණ්ඩායමක් සමග අද නැවතත් එතුමාට හිටගන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි රටට ආදරය කරන අය ඒ නිසා තමයි එතුමා සමග ඒ දේශපාලන ගමනේ හිටියේ. අද ඒකට අපිට සහයෝගය දෙන්න විදියක් නැහැ. [/quote]