Bestweb 2018
Bestweb 2018

08 වෙනිදයින් පස්සෙත් මම තමයි ජනාධිපති – ජනපති ඇඹිලිපිටියේදී කියයි (VIDEO)

08 වෙනිදයින් පස්සෙත් මම තමයි ජනාධිපති – ජනපති ඇඹිලිපිටියේදී කියයි (VIDEO)

By Chathuranga Rajapaksha

03 Dec, 2014 | 10:08 pm

කවුරුන් කුමන ගිවිසුම් අත්සන් කළත් රටට ආදරය කරන සහෝදර දේශපාලන පක්ෂ සමග අත්වැල් බැඳ ගනිමින් ජනතාව වෙනුවෙන් ඉදිරියට යාමට සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් ක‍ළේ, අද පැවැති ඇඹිලිපිටිය මහජන පොළ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්ය.

රුපියල් මිලියන 150ක පිරිවැයක් දරා ඉදිකර ඇති ඇඹිලිපිටිය මහජන පොළ ස්ථීර කඩ කාමර 64 කින් සමන්විත ය.

නවීන අංග උපාගයන්ගෙන් සමන්විත,ව්‍යාපාරික කටයුතු මෙන්ම බහුකාර්ය කටයුතු සඳහා යොදා ගත හැකි විශේෂ වේදිකා සහිත ගොඩගැගිලි තුනකින්ද මෙය සමන්විත වේ.

මේ අතර ඇඹිලිපිටිය නව නගරයේ ඉදිකළ ළමා උද්‍යානයද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණ.

එහිදී රැස්ව සිටි පිරිස සමග සුහඳ පිළිසඳරක නිරතවීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.