තමන් 99යේදී ඡන්ද මං කොල්ලය මෙහෙය වූ හැටි ඇමති එස්.බී. හෙළි කරයි (VIDEO)

තමන් 99යේදී ඡන්ද මං කොල්ලය මෙහෙය වූ හැටි ඇමති එස්.බී. හෙළි කරයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2014 | 8:24 pm

ඉදිරි ජනාධිපතිවරණයේ දින නියම වී පොදු අපේක්ෂකයා කරළියට පැමිණීම ත් සමග අමාත්‍ය එස්.බී. දිසානායක මහතා 1999  ජනාධිපතිවරණ ඡන්දය මෙහෙය වූ ආකාරය පිළිබඳව ඊයේ මාධ්‍ය හමුවකදී විස්තර කළේ ය.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී තමන් ඡන්දය දූෂණය කළ අයුරු පැහැදි කළේ ය.

[quote]මේ ඡන්දය මම මෙහෙව්වේ. මම දන්නවා මම කරපු දේවල්, ඒ ඡන්දය සාධාරණ ඡන්දයක් ද ඒ ඡන්දේ හොර ඡන්දයක්. වංචා ඡන්දයක්. මැරිච්ච ඡන්ද සේරම දැම්මා. ගමේ හි‍ටපු නැති සේරම ඡන්ද දැම්මා. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද පොළට එන්න දෙන්නේ නැතුව එළෙව්වා. ඡන්ද ඡන්ද පෝලිම් බූත් වල කිසිම එක්සත් ජාතික පාක්ෂිකයෙකුට ජනතා විමුක්ති පෙරමුණට ඉන්න දෙන්නේ නැතුව අපි ගහලා එළෙව්වා.ගහල එළවලා ඒ ඡන්ද මං කොල්ලයක් කළේ[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]