මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ අදහස් පළ වූ නිදහස් පක්ෂයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව (FULL VIDEO)

මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ අදහස් පළ වූ නිදහස් පක්ෂයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව (FULL VIDEO)

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2014 | 6:36 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඳවූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙක් එක්ව සිටියහ.

තමන් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතීතය පිළිබඳව ගෞරවයක් ද, වර්තමානය පිළිබඳව විමතියක් සහ ඔහුගේ අනාගතය පිළිබඳව කනගාටුවක් ද පවතින ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය සාකච්ඡාව අමතමින් පැවසී ය.

නිදහස් පක්ෂයේ මහලේකම් ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ, නිදහස් පක්ෂය හැර ගිය කිසිවෙකුට මේ වන තෙක් සුගතියක් අත් වී නොමැති බව ය.

එවැනි පුද්ගලයින් දේශපාලනමය වශයෙන් වනගතභාවයකට ලක් වූ බව ද ඔහු පැවසී ය.

ඉදිරි ජනාධිපතිවරණය නීතිවිරෝධි බවට වූ සටන් පාඨය තවදුරටත් වලංගු වන්නේදැ යි, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණෙන් විමසා සිටියේ ය.

ප්‍රවෘත්ති සාකච්ඡාව ආවරණය කිරීම සඳහා පැමිණ සිටි මාධ්‍යවේදීන් විමසූ පැනයන්ට අමාත්‍යවරුන් පිළිතුරු ලබා දුන් අවස්ථාව පහතින්..