වෙන කාටවත් මට තරම් අසාධාරණයක් සිදුවෙලා නැහැ- ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ (VIDEO)

වෙන කාටවත් මට තරම් අසාධාරණයක් සිදුවෙලා නැහැ- ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ (VIDEO)

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2014 | 6:51 pm

පිල් මාරුවීමේ සුදානම පිළිබඳව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා ඊයේ අම්බලන්ගොඩ පැවැති උත්සවයකදී අදහස් පළ කළේ ය.

” width=”560″ height=”315″]

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා පැවසුවේ, තමන්ට තරම් අන් කිසිවෙකුට අසාධාරණකම් සිදුව නොමැති බව ය.

[quote]යනවා නම් යන්නේ අද නෙමෙයි මීට කලින් මීට කලින් .මට  විතර අසාධාරණයක් වෙන කාටවත් සිදුවෙලා නෑ. ඔය කාටවත් සිදුවුනේ නෑ.මොන විදියේ ප්‍රශ්න වුණත් මොන විදියේ කෙනෙහෙළිකම් අපිට වුණත් පක්ෂය අපිට නොසැලකුවත් නායකයෝ අපිට නොසැලකුවත් ආණ්ඩුව අපිට නොසැලකුවත් ජනතාවත් එක්ක කවදාක්වත් එතනින් එහාට යන්නේ නෑ. ජනතාව සමගයි ඉන්නේ [/quote]

පක්ෂයෙන් හෝ නායකයින්ගෙන් සැලකුම් නොලැබුණ ද කිසි දින ජනතාව හැර දා නොයන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.