මග්ගොන වෙඩි තැබීමකින් බේරුවල ප්‍රා. සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට බරපතළ තුවාල (VIDEO)

මග්ගොන වෙඩි තැබීමකින් බේරුවල ප්‍රා. සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට බරපතළ තුවාල (VIDEO)

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2014 | 6:59 am

මග්ගොන නගරයේ ඊයේ සිදු වු වෙඩි තැබීමකින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු බරපතළ තුවාල ලැබීය.

පොදු අ‍පේක්ෂකයා ප්‍රකාශයට පත්වීමත් සමග මග්ගොන නගරයට රැස් වූ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් රතිඤ්ඤා පත්තු කරමින් සිටියදී කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලීසිය පැවසී ය.

පොලිසිය ප්‍රකාශ කළේ, හිසට වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලැබූ බේරුවල ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රි චමිල රණසිංහ මහතා නාගොඩ මහ රෝහලට ඇතුළත් කෙරුණු බව ය.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ජාතික රෝහලට මාරු කර ඇතැයි ද පොලිසිය පැවසී ය.

මේ අතර මාවතගම නගරයේදී එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර අද පස්වරුවේ ගැටුමක් ඇති විය.

පොලීසිය පැවසුවේ, එම ගැටුමෙන් වාහන කිහිපයකට අලාභහානි සිදු ව ඇති බව ය.

එය සිදුව ඇත්තේ මාවතගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරයට පත් ජේ.සී. අලවතුවල මහතා රැගත් රථ පෙළපාළියක් මාවතගම නගර මධ්‍යයේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ කාර්යාලයක් අසලින් ගමන් කරමින් තිබියදී ය.

අලවතුවල මහතාගේ මෝටර් රථයට ද එහිදී හානි සිදුව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]