‘පිවිතුරු හෙටක්’ජාතික සභාවේ සහය මෛත්‍රීපාලට

‘පිවිතුරු හෙටක්’ජාතික සභාවේ සහය මෛත්‍රීපාලට

‘පිවිතුරු හෙටක්’ජාතික සභාවේ සහය මෛත්‍රීපාලට

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2014 | 7:19 am

පිවිතුරු හෙටක් ජාතික සභාව ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

එහි සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව ය.

පොදු අපේක්ෂකයාට සහය පළ කිරීම සම්බන්ධයෙන් හෙළ උරුමයේ තීරණය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව ද උන්වහන්සේ පැවසූහ.

මේ අතර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට පූර්ණ සහය ලබා දීමට එක්සත් ජාතික  පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]