ප්‍රභාකරන්ගේ ජන්ම දින සැමරුම වළක්වන්නැයි සුබ්‍රමනියම් ස්වාමි ඉන්දීය අභ්‍යන්තර කටයුතු ඇමතිගෙන් ඉල්ලයි

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2014 | 1:13 pm

ඝාතනයට ලක් වූ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජන්ම දිනය සැමරීම වැළැක්වීමේ නියෝගයක් තමිල්නාඩු ආණ්ඩුව වෙත නිකුත් කරන ලෙස භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

හින්දු පුවත්පත අනාවරණය කළේ, සුබ්‍රමනියම් ස්වාමි මහතා එරට අභ්‍යන්තර කටයුතු ආමාත්‍ය රාජ්නාත් සිං මහතා හමු වී එම ඉල්ලීම සිදු කර ඇති බව ය.

ලබන 26 වනදා ට යෙදෙන එම සැමරුම් උත්සවය තහනම් කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවට නියෝගයක් නිකුත් කරන ලෙස ස්වාමි මහතා ඉල්ලා තිබේ.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]