පක්ෂ ප්‍රතිරූපයට හානි වන කිසිදු වේදිකාවකට පිවිසෙන්නෙ නැහැ – සරත් ෆොන්සේකා (VIDEO)

පක්ෂ ප්‍රතිරූපයට හානි වන කිසිදු වේදිකාවකට පිවිසෙන්නෙ නැහැ – සරත් ෆොන්සේකා (VIDEO)

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2014 | 10:53 pm

පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්වාදී පක්ෂයේ පළමු මහ සම්මේලනය අද (22) කොළඹදී පැවැත් විය.

ආගමික වතාවත්වලින් අනතුරුව කොළඹ හයිඩ් පිටියේදී සම්මේලනය ආරම්භ වූ අතර එහිදී යුද්ධයෙන් ජීවිත අහිමි වූ රණවිරුවන් වෙනුවෙන් නිහඩතාවක් ද පැවැත් විය.

සම්මේලනයේදී පක්ෂ නායක සරත් ෆොන්සේකා, නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ, නියෝජ්‍ය ලේකම් අනෝමා ෆොන්සේකා මහත්මිය සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කි‍ඳෙල්පිටිය මහතා ජනතාව අමතමින් අදහස් පළ කළහ.

සම්මේලනයේදී  ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස වලපනේ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ යාපා බණ්ඩාර මහතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ ය.