අපි දේශපාලනයේ පළිගන්නෙ නැහැ- ජනපති (VIDEO)

අපි දේශපාලනයේ පළිගන්නෙ නැහැ- ජනපති (VIDEO)

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2014 | 10:40 pm

161 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් පවත්වාගෙන යාමට වත්මන් රජයට හැකිවුණේ කිසිවෙකුගෙන් පළිගැනීමට හෝ අපහාස කිරීමට ක්‍රියා නොකළ නිසා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ, දැදුරුඔය ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීමේ උත්සවයට එක් වෙමිනි.

විදෙස් සහායකින් තොරව දේශීය අත්දැකීම් යොදාගනිමින් නිම කෙරුණු දැදුරුඔය ව්‍යාපෘතිය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන දස දහසකි.

මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2007 වර්ෂයේදී ය.

වයඹ පළාතේ පවුල් එක්ලක්ෂ පනස් දහසකට පානීය ජල අවශ්‍යතා සපුරා දීම, අක්කර තිස් දහසකට වාරි ජලය ලබා දීම සහ ජාතික පද්ධතියට මෙගාවොට් එකයි දශම පහක විදුලි නිෂ්පාදනයක් එක්කිරීම මෙහි අරමුණු කිහිපයක්.