ශක්ති ටී.වී. රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී සම්මානයෙන් පිඳුම් ලබයි (VIDEO)

ශක්ති ටී.වී. රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී සම්මානයෙන් පිඳුම් ලබයි (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

15 Nov, 2014 | 10:38 pm

2014 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී හොඳම සංගීත වැඩසටහන් අධ්‍යක්ෂණය වෙනුවෙන් ශක්ති ටී.වී. නාලිකාව සම්මානයෙන් පිදුම් ලැබුවේය.

රාජ්‍ය සංගීත සම්මාන උළෙල ඊයේ රාත්‍රී පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය.

ශක්ති ටී.වී. නාලිකාවේ නිෂ්පාදනයක් වන උයිරේ ගීත ඇල්බමයේ ‘යෙන් වාන විල්’ යන ගීතය මෙම සම්මානය සඳහා තෝරාගෙන තිබූ අතර එහි ප්‍රශස්ත රූප රචනය කැමරාවට නැංවූ ශියා හුල් හසන්, ශක්ති ටී.වී. වෙනුවෙන් එම සම්මානය හිමි කර ගත්තේය.

එමෙන්ම ශක්ති එෆ්.එම්. නාලිකාවේ නිෂ්පාදනයක් වන ‘නී යේ සොල් නිජම් තානා’ යන ගීතය හොඳම ගීත රචනා අතරට නිර්දේශ විය.

ජීවීතයේ එක්වරක් පිදෙන ඩී.එස්.මනිබාවදර් අනුස්මරණ සම්මානය හිමිවුණේ, කලා සූඩාමනි එස්.ශන්මුගරාගවන් මහතාටයි.