එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළට

කර්තෘ Sagarika Chathumali

15 Nov, 2014 | 6:51 am

මේ දිනවල එළවළු මිල ගණන් ශීඝ්‍රෙයන් ඉහළ ගොස් තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, ලීක්ස්, ගෝවා, කැරට් ඇතුළු එළවළු වර්ග රැසක මිල ගණන් එලෙස ඉහළ ගොස් ඇති බව ය.

මෙලෙස එළවළු මිල ගණන් ඉහළ යාමට පැවති අයහපත් කාලගුණය හේතු වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් පිටකොටුව මැනිං පොදු වෙළෙඳ සංගමයේ ලේකම් ගාමිණි හඳුන්ගේ මහතා පැවසුවේ, අද දිනයේ වෙළෙඳපොළ තුළ එළවළු මිල ගණන් තරමක් පහළ ගොස් ඇති බව ය.

එළවළු සැපයුම වැඩිවීම සහ අලෙවිය පහළ යාම මිල ගණන් පහළ යාමට හේතු වී ඇති බව ඔහු සඳහන් කළේ ය.