Newsfirst ඉංග්‍රීසි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂමීර් රසුල්ඩීන් ජූනියර් චේම්බර් ඉන්ටර්නැෂනල් සම්මානයෙන් පිදුම් ලබයි

Newsfirst ඉංග්‍රීසි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂමීර් රසුල්ඩීන් ජූනියර් චේම්බර් ඉන්ටර්නැෂනල් සම්මානයෙන් පිදුම් ලබයි

කර්තෘ Sagarika Chathumali

12 Nov, 2014 | 9:35 pm

Newsfirst ඉංග්‍රීසි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂමීර් රසුල්ඩීන් ශ්‍රී ලංකාවේ වසරේ විශිෂ්ටතම තරුණ පෞරුෂයක් ලෙස ජූනියර් චේම්බර් ඉන්ටර්නැෂනල් වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවය සම්මානයෙන් පිදුම් ලැබී ය.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයින් දස දෙනා අගයන  මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ කොළඹදී පැවැත් විය.

Newsfirst ඉංග්‍රීසි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂමීර් රසුල්ඩීන් ඇගයීමට පාත්‍ර වූයේ, වසරේ මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා දායකත්වය සැපයූ විශිෂ්ටතම තරුණ පෞරුෂය ලෙස ය.

ජුනියර් චේම්බර් ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කෙරුණේ 1954 වසරේදී ය.

වාර්ෂිකව මෙරට විශිෂ්ටතම තරුණයන් 10 දෙනෙකු උදෙසා සම්මාන ප්‍රදානය මුල් වරට මෙරටට හඳුන්වා දුන්නේ 1980 වසරේදී ය.

සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ෂෙවාන් ඩැනියෙල්, යසරත් කමල්සිරි, රියාස් ඩීන් සහජහන් (ෂැග්) සහ කිංස්ලි රත්නායක පසුගිය කාලය තුළ තරුණ පෞරුෂ ලෙස මෙම අනගිභවනීය සම්මානයෙන් පිදුම් ලැබූහ.

ජාත්‍යන්තර මට්ටමින් ද පැවැත්වෙන ජේ.සී.අයි. සම්මාන ප්‍රදානයේදී ඊට හිමිකම් කී විශිෂ්ටයින් අතරට හිටපු අමෙරිකානු ජනාධිපතිවරුන් වන ජෝන් එෆ්. කෙනඩී, බිල් ක්ලින්ටන් හා හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු වන හෙන්රි කිසිංජර් ද වූහ.

එම ජාත්‍යන්තර සම්මාන උළෙල පිළිගැනෙන්නේ තමන් නියැලෙන ක්ෂේත්‍රය තුළින් ලෝකයේ තරුණ ප්‍රජාවට උන්නතියක් අත්කරදුන් පිරිස් අගැයෙන්නක් ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]