​සියල්ල අවසානයේ මතක පොත පමණක් ඉතිරි වූ මීරියබැද්දේ මල් කැකුළු (VIDEO)

​සියල්ල අවසානයේ මතක පොත පමණක් ඉතිරි වූ මීරියබැද්දේ මල් කැකුළු (VIDEO)

කර්තෘ Sagarika Chathumali

02 Nov, 2014 | 8:34 am

පසුගිය 29 වන දා පාසල නිමවී යළි නිවෙස් කරා යන විට  විපතට පත් අවතැන්වූවන් සේ තමන්ට යළි එම පාසලටම ඒමට සිදුවනු ඇති බව කොස්ලන්ද, මීරියබැද්දේ දරුවන් කිසිසේත් නොසිතන්නට ඇති.


එහෙත් පොතපත අහිමිකරගෙන කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලයට පැමිණි   දරුවන් 270 දෙදෙනෙකුට ඉතිරිව ඇත්තේ, මතක පොත පමණි.

වේදනාවත් වියෝවත් අතර රැදුණු  කුඩා දරුවන්ගේ මනස සුවපත් කරන්නට ජාතික ළමාරක්ෂක අධිකාරිය දැඩි උත්සාහයක නිරත වෙයි.

බදාදා උදේ 7.45 ට වියරු වූ මීරියබැද්ද වතු යාය එහි දරුවන්ට බොහෝ දේ අහිමි කළේ ය.

අහිමි වීම අවසානය නොවේ, එමෙන් ම අවාසනාව  වාසනාවේ සදාකාලික බාධාව වන්නේ ද නැත.

මීරියබැද්දේ දරුවන් වෙනුවෙන් කළ හැක්කේ ගෙවුණු පැය ගණන්වල වේදනාත්මක අත්දැකීම් හුවා දක්වනු වෙනුවට එළැඹෙන සෑම තත්ත්පරයක්ම ඔවුන් වෙනුවෙන් කැප කිරීම ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]