සිරස – ශක්ති සහන යාත්‍රාවට දායක වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය..! (Special Report)

සිරස – ශක්ති සහන යාත්‍රාවට දායක වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය..! (Special Report)

කර්තෘ Chathuranga Rajapaksha

02 Nov, 2014 | 9:59 pm

කොස්ලන්ද ගනේෂා දෙමල විද්‍යාලයට ගිය සිරස ශක්ති සහන යාත්‍රාවේ කණ්ඩායමට ආපදා  කළමනාකරණ මධ්‍යස්ථානයේ ඇතැම් නිලධාරින්ගේ බාධා කිරීමට මුහුණ දීමට සිදුවිය.

පැය 12 ක කාලයක් ගෙවා, කොස්ලන්දට පැමිණි අප කණ්ඩායමට පැය 3 ක් පමණ අපතේ යවන්නට සිදුවූයේ, එම බාධා කිරීම් හේතුවෙනි.

අපට බාධා කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු ආධාර බෙදීම සාමාන්‍ය පරිදි සිදු කෙරිණ.

අපගේ අත්දැකීම වන්නේ එම සිදුවීම එම ස්ථානයේ සිටි ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාවක් මිස අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සාමාන්‍ය පිළිවෙත නොවන බවයි.

සියලු බාධා කිරීම් අභිබවා සිරස ශන්ති සහන යාත්‍රාව ආධාර බෙදාදීම සිදු කළේ, හැම දෙනාගේම සහයෝගය ඇතිවයි.

ආධාර ලබාගත් ජනතාව පැවසුවේ අනපේක්ෂිත විපතකට මුහුණු දී සිටින තමන්ට මුලින්ම ආධාර දීමට ඉදිරිපත් වූ සිරස මාධ්‍ය ජාලය කිසිදා අමතක කළ නොහැකි බව ය.

සිරස ශක්ති සහන යාත්‍රාවේ තවත් කණ්ඩායමක් පූනගල දෙමළ විද්‍යාලයේ සිටින ජනතාවට ආධාර බෙදා දුන්නේය.

නුවරඑළිය බලා ගමන් කළ එක් කණ්ඩායමක්, නුවරඑළිය නගරය අවට ස්ථාපනය කර ඇති අවතැන් කඳවුරු කිහිපයකට ආධාර බෙදා දුන්නේ, එම ජනතාවට සහන සලසමින් ය.

තවත් සහන යාත්‍රා කණ්ඩායමක්, ‍හඟුරන්කෙත එළමුල්ල පෙර පාසල් ගොඩනැගිල්ලේ ස්ථාපිත කඳවුරේ ජනතාවට ද ආධාර බෙදා දුන්නේ ය.

නාය යාමේ අවධානම හේතුවෙන් අවතැන් වූ බණ්ඩාරවෙල, මල්වත්ත ප්‍රදේශයේ ජනතාවට ද අද පෙරවරුවේ ආධාර ලබා දුන්නේය.

ඒ , බණ්ඩාරවෙල වැවතැන්න ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේදී ය.

ඇල්ල හා හල්දුම්මුල්ල ප්‍රදේශවල නායයෑම් හේතුවෙන් ආරක්ෂිත ස්ථානවලට පැමිණ සිටින ජනතාවටද ආධාර බෙදාදෙනු ලැබිණි.

මහනුවර, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විපතට පත් පවුල් 24 ක පුද්ගලයින් 94ක් වෙත සිරස ශක්ති සහන යාත්‍රාවෙන් ආධාර ලබා දුන්නේය.

රත්නපුර, පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කහවත්ත ඇන්දාන සහ රත්නපුර හපුගස්තැන්න ප්‍රදේශවල ජනතාවට ආධාර ලබාදීම සිදුකෙරුණේ ඊයේ දහවල් ය.

 

Sahana Yathra

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]