විදෙස්ගතව සිට යළි පැමිණෙන කතුන් රැවටූ සොරෙකු අත්අඩංගුවට

විදෙස්ගතව සිට යළි පැමිණෙන කතුන් රැවටූ සොරෙකු අත්අඩංගුවට

විදෙස්ගතව සිට යළි පැමිණෙන කතුන් රැවටූ සොරෙකු අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

02 Nov, 2014 | 2:26 pm

විදේශගතව පැමිණෙන ශ්‍රී ලාංකික කාන්තාවන් රවටා ඔවුන්ගේ ආභරණ හා වටිනා භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ගුවන් තොටුපොළේදී කාන්තාවන් සමග මිත්‍ර වන ඔහු කොටුව බස්නැවතුම්පොළ දක්වා ඔවුන් සමග පැමිණ එලෙස භාණ්ඩ සොරාගෙන ඇති බව ය.

සැකකරු කන්තලේ රජඇල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

කොළඹ අපරාධ කොට්ඨාසය ‍ගුවන් තොටුපොළ මගී පර්යන්තයේ CCTV කැමරා දර්ශන පිරික්සීමෙන් පසු කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]