”යම් වරදක් වුණොත් පොලිස් රාළහාමිගෙ පින්තූරෙ ෆේස්බුක් එකේ වැටෙනවා” – ජනපති (VIDEO)

”යම් වරදක් වුණොත් පොලිස් රාළහාමිගෙ පින්තූරෙ ෆේස්බුක් එකේ වැටෙනවා” – ජනපති (VIDEO)

කර්තෘ Sagarika Chathumali

02 Nov, 2014 | 9:17 am

රටේ නීතිය සහ සාමය සුරකිමින් රටත් ජනතාවත් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන පොලීසිය හෑල්ලු කිරීමට ඉදිරියේදී ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී ය.

ශ්‍රී ලංකා පොලීසියේ 10 වසරක ප්‍රගතිය යන මැයෙන් සංවිධාන කර තිබූ මෙම හමුවට දිවයිනේ සෑම පළාතක් ම නියෝජනය කරමින් පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 5000 කට අධික පිරිසක් සහභාගි වි සිටියහ.

පොලිස් නිලධාරින්ගේ රැකියාවල සුරක්ෂිතතාවය සහ ඔවුන්ගේ අභිමානය රැක දීමට වත්මන් රජය සුවිශාල වැඩ කොටසක් ඉටු කර ඇති බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න c[email protected]