ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 364 ක දැවැන්ත ඉලක්කයක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 364 ක දැවැන්ත ඉලක්කයක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 364 ක දැවැන්ත ඉලක්කයක්

කර්තෘ Chathuranga Rajapaksha

02 Nov, 2014 | 5:25 pm

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 364ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබේ.

ඉන්දියාවේ කටක්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

ඒ අනුව මැතිව්ස් ප්‍රථමෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

අද ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ විරාට් කෝලි විසිනි.

ඉන්දීය ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස අජින්ක්‍යා රහනි සමග ශ්‍රීකර් ධවාන් පිටියට පිවිසියහ.

ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 231ක දැවැන්ත සබඳතාවයක් පිහිටුවීමට සමත් වූහ.

අජින්ක්‍යා රහනි පන්දු 108කදී ලකුණු 111ක් ලබා ගත්තේය.

ශ්‍රීකර් ධවාන් පන්දු 107කදී ලබාගත් ලකුණු ගණන 113කි.

සුරේෂ් රෙයිනා ලකුණු 52ක් ලබා ගැනිමට සමත් විය.

සුරාජ් රන්දිව් ලකුණු 78කට කඩුලු 3ක් දවා ගත්තේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]