සිරස ශක්ති සහන යාත්‍රාවට පරිත්‍යාග භාර ගැනීම අවසන් කෙරේ (Video)

සිරස ශක්ති සහන යාත්‍රාවට පරිත්‍යාග භාර ගැනීම අවසන් කෙරේ (Video)

කර්තෘ Chathuranga Rajapaksha

31 Oct, 2014 | 6:25 pm

කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාමෙන් සහ කඳුකරයේ නාය යාම් අවදානම් ප්‍ර‍දේශවලදී අසරණ වූ ජනතාව උදෙසා සංවිධානය කෙරෙන සිරස ශක්ති සහන යාත්‍රාවට අතිවිශාල පිරිසක් භාණ්ඩ විශාල ප්‍රමාණයක් මේ වනවිට ලබා දී තිබේ.

එම භාණ්ඩ හෙට පෙරවරුවේ අදාළ ප්‍රදේශ වෙත රැගෙන යාම සඳහා සකස් කිරිමේ කටයුතු මේ වනවිට සිදු කෙරේ.

ආධාර ලබාදුන් ජනතාවට අපගේ ප්‍රණාමය පුද කරන අතර  මධ්‍යස්ථාන 5කදි සිදුකළ භාණ්ඩ එක්රැස් කිරීම අද සවස 6 සිට අවසන් කිරීමට කැපිටල් මහාරාජා සංවිධානය තීරණය කර තිබේ.

කොළඹ 02, බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලය, රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය, වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාව, මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් සහ කොළඹ 13 විවේකානන්ද සභාව යන ස්ථානවලදී භාණ්ඩ එක් රැස් කිරිම සිදු කරනු ලැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]