රතුපස්වල කර්මාන්ත ශාලාව ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමට පාලනාධිකාරිය අධිකරණයට පොරොන්දු වෙයි

රතුපස්වල කර්මාන්ත ශාලාව ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමට පාලනාධිකාරිය අධිකරණයට පොරොන්දු වෙයි

රතුපස්වල කර්මාන්ත ශාලාව ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමට පාලනාධිකාරිය අධිකරණයට පොරොන්දු වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

31 Oct, 2014 | 8:33 pm

මතභේදයට තුඩුදුන් වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා බව එහි පාලනාධිකාරිය අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.

ඒ, එම කර්මාන්තශාලාවට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී ය.

එම කර්මාන්තශාලාව මගින් ප්‍රදේශයේ භූගත ජලය දූෂ්‍ය වූ බවට චෝදනා කරමින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබේ.

කර්මාන්ත ශාලාව එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා තෙක් කිසිඳු නිෂ්පාදනයක් එහි නොකරන බව ද කර්මාන්ත ශාලාව වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ හර්ශ කබ්‍රාල් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ කර්මාන්ත ශාලව ‍‍පෙත්සමෙන් ඉවත් කෙරුණු අතර සෙසු වගඋත්තරකරුවන් වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා මධ්‍යම පරිසර අධිකාරියට විරුද්ධව පෙත්සම ලබන ජනවාරි මස 7 වන දා යළි කැඳවීමට නියමිත ය.