මව්ආර ජලාශය චමල් රාජපක්ෂ ජලාශය‍ ලෙස නම් කෙරේ (Video)

මව්ආර ජලාශය චමල් රාජපක්ෂ ජලාශය‍ ලෙස නම් කෙරේ (Video)

කර්තෘ Chathuranga Rajapaksha

31 Oct, 2014 | 10:09 pm

මව්ආර ජලාශය, චමල් රාජපක්ෂ ජලාශය ලෙස අද ප්‍රකාශයට පත් කෙරිණ.

එම උත්සව අවස්ථාව පැවැත්වුණේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම්ව, වලවේ නිම්නයේ  චමල් රාජපක්ෂ ජලාශය පිහිටා තිබේ.

චමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව 1998 වසරේදී ඉදිකිරීම් ඇරඹි මෙම ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 4200 කි.

හෙක්ටයාර 1200ක මඩ වගාවන් සහ අක්කර 2025ක ගොඩ හේන් වගාවන් සඳහා චමල් රාජපක්ෂ ජලාශයෙන් දියවර සැපයේ.

දේශීය වාරි තාක්ෂණය යොදා ගනිමින්, මිලියන 600 ක වියදමින් ඉදිකෙරුණු චමල් රාජපක්ෂ ජලාශයේ පළමු දියවර 2001 වසරේදී නිකුත් කෙරිණ.

එම ජලාශයෙන් ගොවි පවුල් 7000කට සිය වගා සඳහා ජලය සැපයෙනු ඇති.

කතානායක චමල් රාජපක්ෂ මහතා

[quote]මං හිතන්නේ ඒක තමයි චන්ද්‍රිකා වැවට පස්සේ දේශිය වශයෙන් අපේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කළේ. ඊට පස්සේ කළේ නෑ. ඊට පස්සේ විදේශීය දැනුම ඒකට තමයි ණය ගැනීමට තමයි ප්‍රධාන කරගෙන කරේ.  නමුත් මේක දේශිය මුදල්වලින්. ඉංජිනේරුවරු, ඒ තාක්ෂණයත් එක්ක අපි ඒ සියලු දෙනාටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. කළගුණ සැලකීමක් හැටියට. මේක මගේ රහසක් නෙවෙයි. මේක අපේවැඩිහිටයන්ගේ දෙමව්පියන් හොඳ දේශපාලනයක් කරපු නිසා ජනතාවත් එක්ක හිටපු නිසා.. ඒ කෘත ගුණ තමයි ජනතාව සලකන්නේ. දැන් මේකේ අපි යමක් අපෙ ගිණුමට බැර කරේ නැත්නම් ගිණුම හමාර වෙනවා. දැන් අපි මං හිතන්නේ බැර කරලා මං හිතන්නේ සෑහෙන්න.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]