කොස්ලන්ද නාය යාමෙන් අතුරුදන් වූ ගණන 34 ක් – පොලීසිය කියයි

කොස්ලන්ද නාය යාමෙන් අතුරුදන් වූ ගණන 34 ක් – පොලීසිය කියයි

කර්තෘ Chathuranga Rajapaksha

31 Oct, 2014 | 9:25 pm

කොස්ලන්ද, මීරියබැද්දේ නාය යාමෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 34 ක් බව අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසිය.

[quote]මීරියබැද්ද ප්‍රදේශයේ අම්පිටිකන්ද වත්ත කියන වතු කොටස තමයි මේ නායයාමකට ලක්වුනේ මෙය අයිතිවන්නේ කොටබත්ම කියන ග්‍රාමසේවක වසමකට නමුත් දැන් අද දින දහවල් 12 වන විට මේ සියලුම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව වාර්තාවෙලා තියෙන්නේ මුළු මරණ සංඛ්‍යාව තුනයි ඒ කියන්නේ මළ සිරුරු තුනක් සොයාගෙන තියෙනවා. තව සොයාගන්න පුළුවන් සමහරවිට අද දවස ඇතුළත. ඉදිරියේදී සමහරවිට. ඒ වගේම අතුරුදන්වූවන් මුළු සංඛ්‍යාව 34 ක් බව ට. දැනට අතුරුදන්වෙලා සිටින සංඛ්‍යාව පිරිමි 10 දෙනෙක් කාන්තාවන් 19 දෙනෙක්. ගැහැනු ළමයි එක් කෙනෙක් සහ පිරිමි ළමුන් 4 දෙනෙක්.[/quote]

මේ අතර මීරියබැද්ද නායයාම පිළිබඳව පොලිස් විමර්ශනයක් ද ආරම්භ කර ඇතැයි එහිදී අනාවරණ විය.

[quote]අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් දුන්නා. යම් පාර්ශ්වයක නොසැලකිල්ලක් අපරික්ෂාවක් සිදුවෙලා තියෙනවානම් ඒ ගැන වහාම විමර්ශනයක් කරලා ජනාධිපතිතතුමා වෙත වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස.ඒ අනුව පොලිස්පත් එන් කේ ඉලංගකෝන් මහතා විසින් මේ පිළිබඳව සබරගමුව හා ඌව පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට උපදෙස් ලබාදුන්නා ඔහුගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කළා ඒ විමර්ශන කටයුතු අපි බලාපොරොත්තු වෙනවා උපරිම දින 5ක නැත්නම් සතියක කාලයකින් සම්පූර්ණයෙන්ම අවසන් වෙලා අතිගරු ජනාධිපතිතුමා වෙත මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]