පැරා ක්‍රීඩා උළෙලේදී ආසියාව ජයගත් ලක් දූ පුතුන් පිරිසක් දිවයිනට (VIDEO)

පැරා ක්‍රීඩා උළෙලේදී ආසියාව ජයගත් ලක් දූ පුතුන් පිරිසක් දිවයිනට (VIDEO)

කර්තෘ Sagarika Chathumali

26 Oct, 2014 | 9:53 pm

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිරිසක් අද දිවයිනට පැමිණියේ ය.

ඔවුන් පිළිගැනීමේ උත්සවයට එක් වූ  ආබාධිත ක්‍රීඩා සඳහා වූ ජාතික
සම්මේලනයේ සභාපති කර්නල් රජිත අම්පෙමොහොට්ටි මහතා පැවසුවේ, ජයග්‍රහණ සියල්ල රටට මහත් අභිමානයක් බව ය.

දකුණු කොරියාවේ ඉන්චොන්හිදී පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පදක්කම් 14ක් දිනා ගනිමින් 16වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් විය.

එම ක්‍රීඩා උළෙට සහභාගි වූ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිරිසක් දිවයිනට පැමිණියේ අද අලුයම් කාලයේදී ය.

පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ප්‍රදීප් සංජය, ඉන්දුමතී කරුණාතිලක, දුමීර මදුරංග සහ දිනේෂ් සිල්වා ද එම කණ්ඩායමට ඇතුළත් වූහ.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ආබාධිත ක්‍රීඩා සඳහා වූ ජාතික සම්මේලනයේ සභාපති කර්නල් රජිත අම්පෙමොහොට්ටි මහතා පැවසුවේ, ක්‍රීඩා තාක්ෂණය දියුණු සෙසු රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය ඉහළ වටිනාකමකින් යුක්ත බව ය.

එහි දෙවැනි කණ්ඩායම හෙට අලුයම දිවයිනට පැමිණීමට නියමිතව ඇත.