තුන්මුල්ලට සෙවණ දුන් මාර ගසක් බිමට පතිත වෙයි (VIDEO)

තුන්මුල්ලට සෙවණ දුන් මාර ගසක් බිමට පතිත වෙයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

18 Oct, 2014 | 12:58 pm

අධික වර්ෂාවත් සමඟ ‍අද පෙරවරුවේ කොළඹ තුන්මුල්ල මංසන්ධියේ පිහිටා තිබූ මාර ගසක් කඩා වැටීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල විය.

අද පෙරවරු 9.30ට පමණ මාර ගසක් මෙලෙස මාර්ගයට කඩා වැටිණ.

ගස කඩා වැටීමෙන් මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයකට ද හානි සිදු විය.

එම අවස්ථාවේ තුන්මුල්ල මංසන්ධිය හරහා කිරුළපන දෙසට රථවාහන ගමනාගමනයට බාධා එල්ල වූ අතර ගිනි නිවීම් ඒකකය සහ පොලීසිය එක්ව මේ වනවිට ගස මාර්ගයෙන් ඉවත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]