ෂාරුක් ඛාන්ගේ අවුරුදු එකහමාරේ පුතණුවන් සිනමා රංගනයට (VIDEO)

ෂාරුක් ඛාන්ගේ අවුරුදු එකහමාරේ පුතණුවන් සිනමා රංගනයට (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

13 Oct, 2014 | 2:01 pm

බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුව ෂාරුක් ඛාන්ගේ අවුරුදු එකහමාරක් වයසැති පුතණුවන් බොලිවුඩ් සිනමාවට එක්වී තිබේ.

ඒ, තිරගත වීමට නියමිත Happy New Year චිත්‍රපටය තුළිනි.

ෂාරුක්ගේ බිරිඳ වන ගෞරි පවසා ඇත්තේ, එම චිත්‍රපටයේ ඇය ද රඟපාන බව ය.
shah rukh and gauri
දිනක් රූගත කිරීම් අතරතුර ෂාරුක් ඛාන් සහ චිත්‍රපටයේ නිෂ්පාදිකා ෆාරා ඛාන් තමන්ට දුරකතනයෙන් කතා කර AbRam පුතණුවන් රූගත කිරීම් කරන ස්ථානයට රැගෙන එන ලෙස දැනුම් දුන් බව ගෞරි පැවසීය.

එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ, ඔවුන් දෙදෙනා ම චිත්‍රපටයට රංගනයෙන් දායක වීමෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]