මාධ්‍ය හමුව ගීතයෙන් ඇමතූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක (Video)

මාධ්‍ය හමුව ගීතයෙන් ඇමතූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක (Video)

කර්තෘ Chathuranga Rajapaksha

13 Oct, 2014 | 8:31 pm

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇමතුවේ ගීතයෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ අත්සනින් එම විශේෂ මාධ්‍ය හමුවට ඇරයුම් ලැබී තිබුණි.

ඇරයුමේ දැක්වුණේ, පොලිස් රණවිරු නිවාස ව්‍යපෘතියක් සදහා අරමුදලක් ආරම්භ කිරීම පිළිබඳව එම මාධ්‍ය හමුව පැවැත්වෙන බව ය.

එම අරමුදල ආරම්භ කිරීමට සූදානම් වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළිදැක්වීෙි.

අද පැවති එම මාධ්‍ය හමුවට පැමිණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පො‍ලිස්පතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ කොළඹ ‍නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා මේ බව අනාවරණ කළේය.

‍රුපියල් කෝටි දෙකක පමණ මුදලක් මේ සංයුක්ත තැටිය මගින් අදාළ අරමුදලට උපයාදීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අරමුණ බව එහිදී පැවසීය.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැරණි ගීතයක් ද සිහි කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]