නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් සහ පළාත් මන්ත්‍රීවරයෙකු අතර ගැටුමක් (VIDEO)

නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් සහ පළාත් මන්ත්‍රීවරයෙකු අතර ගැටුමක් (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

13 Oct, 2014 | 5:05 pm

කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීමේදී එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම්. රමේෂ් මහතා අතර ගැටුමක් ඇති විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් පැවති මත ගැටුමක් ඊට හේතුවූ බව ය.

මෙම බහින් බස් වීම දුර දිග යාම හේතුවෙන් දෙපාර්ශවයේ ආධාරකරුවන් අතර ගැටුමක් ඇති වී තිබිණි.

පසුව පොලීසිය මැදිහත් වී ගැටුම සමතයකට පත් කර ඇත.

වී. රාධක්‍රිෂ්ණන් මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි වූයේ, මෑතකදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]