නිදහස් අධ්‍යාපනයේ පියාගේ 130 වන ජන්ම දින සැමරුම

නිදහස් අධ්‍යාපනයේ පියාගේ 130 වන ජන්ම දින සැමරුම

නිදහස් අධ්‍යාපනයේ පියාගේ 130 වන ජන්ම දින සැමරුම

කර්තෘ Kumudu Jayawardana

13 Oct, 2014 | 12:44 pm

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලි ලත් ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ 130 වන ජන්ම දින සැමරුම අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් එතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති මතුගම ලූල්බද්දූව කන්නන්ගර සමාධි පරිශ්‍රයේදී පාසල් දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ උත්සවයක් පැවැත්විණි.

කන්නන්ගර ජන්ම දින රාජ්‍ය සැමරුම් උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් අද යාපනයේ නෙල්ලිඅඩි මධ්‍ය විද්‍යාලයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කළේ, 1940 දශකයේදී ය.

මෙරට සාමාන්‍ය ජනතාවගේ දූ දරුවන්ට අධ්‍යාපනය නිදහසේ ලබා ගැනීම සඳහා මහඟු අවස්ථාවක් හිමි කර දුන් කන්නන්ගර මහතා මෙලොව එළිය දුටුවේ, 1884 වසරේ ඔක්තෝබර් මස 13 වන දා ය.

ඔහු ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]