ජනතා සේවයට අවස්ථාවක් නොලැබුණහොත් මන්ත්‍රී ධුරය අත් හරිනවා – ඌව පළාත් සභා මන්ත්‍රී සාලිය සුමේද (Video)

ජනතා සේවයට අවස්ථාවක් නොලැබුණහොත් මන්ත්‍රී ධුරය අත් හරිනවා – ඌව පළාත් සභා මන්ත්‍රී සාලිය සුමේද (Video)

කර්තෘ Chathuranga Rajapaksha

13 Oct, 2014 | 9:47 pm

ජනතාවට සේවය කිරීමට අවස්ථාවක් ඌව පළාත් සභාව තුළ නොලැබුණහොත් මන්ත්‍රී ධුරය ද අත්හරින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එම පළාත් සභාවේ මන්ත්‍රී සාලිය සුමේධ මහතා පවසයි.

සාලිය සුමේධ මහතා අමාත්‍ය සුමේධ ජී. ජයසේන මහත්මියගේ පුත්‍රයායි.

‍සාලිය සුමේධ මහතා මෙවර මැතිවරණයෙන් මනාප ඡන්ද 21,206 ලබාගනිමින් සන්ධාන ලැයිස්තුවේ 03 වැනි ස්ථානයට තේරී පත්විය.

පසුගියදා පැවති මංගල සභා රැස්වීමේදී ඔහුට ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ධුරය හිමිවුව ද පසුව ඔහු ඉන් ඉල්ලා අස්විය.

සාලිය සුමේධ මහතා එහිදී කියා සිටියේ ජනතාවට සේවය කිරීමට සුදුසු තනතුරක් අපේක්ෂාකරන බව ය.

තනතුරක් හම්බවුණේ නැති උනොත් එහෙම නැති උනයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ.අපි ඒ කරගෙන යන වැඩපිලිවෙල ඉදිරියට මන්ත්‍රීවරයෙක් හැටියට කරගෙන යනවා.යම් යම් අඩු පාඩු කම් තියෙන ඒවා නිවරදි කරගන්න උත්සාහ කරනවා. එහෙම නිවරුදි කරලා ජනතාවට ඒ තුළින් ජනතාවට සේවයක් කරන්න,නිවරිදි කරගන්න නොහැකි උනොත් අපේ මේ මන්ත්‍රී ධුරයෙත් ප්‍රයෝජනයක් නැති තත්ත්වයක් බවට පත්වුණොත් මේ තනතුරෙනුත් අයින් වෙලා ගෙදර යන්න තමයි අපි කටයුතු කරන්නේ
මේ අතර ඌව පළාතේ මනාප වංචාවක් සිදුවූයේදැයි සෙනසුරාදා සිරසටීවී ඔස්සේ විකාශයවූ සටන දේශපාලන සංවාද වැඩසටහනේදී සාකච්ඡා කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]