ගෲප් කැප්ටන් සචින් ටෙන්ඩුල්කාර් ඉන්දීය ගුවන් හමුදා බලය පිරික්සයි (VIDEO)

ගෲප් කැප්ටන් සචින් ටෙන්ඩුල්කාර් ඉන්දීය ගුවන් හමුදා බලය පිරික්සයි (VIDEO)

කර්තෘ Staff writer

09 Oct, 2014 | 3:50 pm

82 වන ඉන්දීය ගුවන් හමුදා දිනය වෙනුවෙන් පැවති සංදර්ශනය ඊයේ දිල්ලිහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙහි විශේෂත්වයක් වූයේ, ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ගුවන් හමුදා නිල ඇඳුම ඇඳ උත්සවයට සහභාගි වීම ය.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සචින් ටෙන්ඩුල්කාර් කළ මෙහෙවර අගැයීම සඳහා ඔහුට ඉන්දීය ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් නිලය පිරිනමනු ලැබුවේ, 2010 වසරේදී ය.

ඉන්දීය ගුවන් හමුදාවේ නොවන පුද්ගලයෙකුට එවන් නිලයක් ප්‍රදානය කෙරුණු එක ම අවස්ථාව එය විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]