MH370 යානයේ සුන්බුන් සෙවීමේ තවත් අදියරක් ඇරඹෙයි (VIDEO)

MH370 යානයේ සුන්බුන් සෙවීමේ තවත් අදියරක් ඇරඹෙයි (VIDEO)

කර්තෘ Staff writer

06 Oct, 2014 | 2:53 pm

මැලේසියානු ගුවන් සමාගමට අයත් අතුරුදන් වූ MH370 යානයේ සුන්බුන් සෙවීමේ තවත් අදියරක් අද ආරම්භ විය.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ, නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත විශේෂ නෞකාවක් ඒ සඳහා යොදවා ඇති බව ය.

මෙම සෝදිසි මෙහෙයුම බටහිර ඔස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් 1800ක දුරින් පිහිටි ඉන්දීය සාගර ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

සෝදිසි කිරීමට නියමිත සාගර කලාපයේ විශාලත්වය වර්ග සැතපුම් 23000කි.

පසුගිය මාර්තු මස 8 වන දා MH370 යානය අතුරුදන් වන විට එහි මගීන් 239 දෙනෙක් වූහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]