ආසියානු ක්‍රීඩා උළෙල අවසන්: චීනයට රන් පදක්කම් 151ක්: ශ්‍රී ලංකාවට 27වන ස්ථානය (Photos)

ආසියානු ක්‍රීඩා උළෙල අවසන්: චීනයට රන් පදක්කම් 151ක්: ශ්‍රී ලංකාවට 27වන ස්ථානය (Photos)

ආසියානු ක්‍රීඩා උළෙල අවසන්: චීනයට රන් පදක්කම් 151ක්: ශ්‍රී ලංකාවට 27වන ස්ථානය (Photos)

කර්තෘ Chathuranga Rajapaksha

04 Oct, 2014 | 6:59 pm

රන් පදක්කම් 151 ක් දිනූ චීනයට වැඩි ගෞරව හිමි කරමින්,  17 වැනි ආසියානු ක්‍රීඩා උළෙල දකුණු කොරියාවේ ඉන්චොන්හිදී අද අවසන් විය.

ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමි වුයේ,  27 වැනි ස්ථානයයි.

Asain Games 2014 (1)

දින 15 ක් පැවැති ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අද පැවැත්වුණේ, දකුණු කොරියා අග්‍රාමාත්‍ය ජුන්ග් හොන්ග් වොන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14,000කට ආසන්න පිරිසක් සහභාගී වූහ.

එහි පෙරමුණට පැමිණියේ රන් පදක්කම් 151 ක් දිනූ චීනයයි.

ක්‍රීඩා උළෙලේ දෙවැනි සහ තුන්වැනි ස්ථාන සත්කාරක දකුණු කොරියාවට සහ ජපානයට හිමි විය.

Asain Games 2014 (2)

ශ්‍රී ලංකාවට මෙවර මළල ක්‍රීඩා ඉසව්වලින් කිසිඳු පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය.

ක්‍රිකට් පිරිමි රන් පදක්කම සහ ක්‍රිකට් කාන්තා ලෝකඩ පදක්කම දිනූ ශ්‍රී ලංකාවට රටවල් 45 කින් හිමි වූයේ 27 වැනි ස්ථානයයි.

2018 ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය හිමි ඉන්දුනීසියාවට ආසියානු  ක්‍රීඩා උළෙලේ ධජය භාර  දුන්නේ ආසියානු ඔලිම්පික් කමිටුවේ සභාපති ”ශේක් අහමඩ් අල් ෆහාඩ් අල් සබාර් ” මහතා විසිනි.

Asain Games 2014 (10)

Asain Games 2014 (3) Asain Games 2014 (4) Asain Games 2014 (5) Asain Games 2014 (6) Asain Games 2014 (7) Asain Games 2014 (8) Asain Games 2014 (9) Asain Games 2014 (11)

Photos – Twitter