මාරියා ෂැරපෝවා Football ගැසූ හැටි (VIDEO & PHOTOS)

මාරියා ෂැරපෝවා Football ගැසූ හැටි (VIDEO & PHOTOS)

කර්තෘ Kumudu Jayawardana

03 Oct, 2014 | 11:00 am

මාරියා ෂැරපෝවා යනු ලෝකයේ ම ආදරයට පාත්‍ර වූ සුරූපී ටෙනිස් ශූරියකි.

ඇය සචින් ටෙන්ඩුල්කාර් නොහඳුනන බව පැවසීම හේතුවෙන් මීට ටික කලකට පෙර මහත් ආන්දෝලනයකට ලක් විය.

ඉන් හෙළි වූයේ, ඇය ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වන බව ය.

එහෙත්, ඩේවිඩ් බෙකම් හොඳින් හඳුනන මාරියා ෂැරපෝවා පාපන්දු ක්‍රීඩාවට ඇලුම් කරනවා පමණක් නොව ඊට දක්ෂතාවක් ද දක්වන බව ඇය පළ කළ වීඩියෝවකින් සනාථ වේ.

මේ ඇය කායවර්ධන ක්‍රීඩාගාරයකදී පාපන්දු ක්‍රීඩකයෙකු සමග පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ අයුරු දැක්වෙන වීඩියෝවකි.

ෂැරපෝවා මෙය හඳුන්වා ඇත්තේ, Soccer Tennis ක්‍රීඩාව ලෙස ය. ඒ පාපන්දුවක් යොදාගෙන පාදයෙන් ටෙනිස් ගැසූ හෙයිනි.

පහත දැක්වෙන්නේ මාරියා ෂැරපෝවා මීට පෙර පාපන්දු ක්‍රීඩාවේ නියැළෙන අවස්ථා කිහිපයක ඡායාරූප කිහිපයකි.
sharapova_soccer2

Practice Court

sharapova_soccer4

sharapova_soccer5
VIDEO FOOTAGE: Facebook

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]