ක්‍රිස් නෝනිස් සමග බහින්බස් වීමක් ඇති වුණත් පහරදීමක් කළේ නැහැ – සජින් ද වාස් ගුණවර්ධන (Exclusive)

ක්‍රිස් නෝනිස් සමග බහින්බස් වීමක් ඇති වුණත් පහරදීමක් කළේ නැහැ – සජින් ද වාස් ගුණවර්ධන (Exclusive)

ක්‍රිස් නෝනිස් සමග බහින්බස් වීමක් ඇති වුණත් පහරදීමක් කළේ නැහැ – සජින් ද වාස් ගුණවර්ධන (Exclusive)

කර්තෘ Chathuranga Rajapaksha

03 Oct, 2014 | 7:33 pm

වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා සමග පෞද්ගලික නිවසකදී බහින් බස් වීමක් සිදුවූ නමුත් පහරදීමක් නොවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේය.

රෝමයේ සිට නිව්ස්ෆස්ට් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ සිද්ධිය වන අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය මෙන්ම අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ද සිටි බව ය.

ධුරයෙන් ඉල්ලා අස්වීම ක්‍රිස් නෝනිස් මහතාගේ පෞද්ගලික තීරණයක් බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු අවධාරණය කළේ, රටේ නීතියක් පවතින බැවින් පැමිණිල්ලක් කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බව ය.

සැඟවීමට කිසිවක් නොමැති බවත් රෝමයේ සිට පැමිණි වහාම මාධ්‍යට මේ පිළිබඳව පැහැදිලි කරන බවත් සජින් ද වාස් ගුණවර්ධන මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]