කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් තරගයට

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් තරගයට

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් තරගයට

කර්තෘ Chathuranga Rajapaksha

02 Oct, 2014 | 4:15 pm

ශ්‍රී ලංකා කණ්ඩායම, ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් අවසන් තරගයට අද සුදුසුකම් ලබා ගත්තේය.

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු කොරියාවේ යෙන්හුයි ක්‍රීඩාංගණයේදී අද පැවැත්විණ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ප්‍රතිවාදී බංග්ලාදේශය පන්දුවාර 11ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 59ක් රැස් කරගෙන සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදු විය.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයින් තීරණය කළේ, කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා නායක ලහිරු තිරිමාන්න කාසියේ වාසිය දිනා ගැනිමට සමත් විය.

තරගාවලියේ ක්‍රිකට් අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර හෙට පැවැත්වීමට නියමිත ය.