ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමේ ජාවාරමක්

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමේ ජාවාරමක්

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමේ ජාවාරමක්

කර්තෘ Sagarika Chathumali

25 Oct, 2014 | 9:02 am

වවුනියාව, යාපනය සහ නැගෙනහිර පළාතේ ව්‍යාජ රියැදුරු බලපත්‍ර දහස් ගණනින් බෙදාහැර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමේ නිරතවූ බව කියන පුද්ගලයින් තිදෙනෙකු නාරහේන්පිට ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගැනීම ත් සමග එම තොරතුරු අනාවරණය වූ බව ය.

අදාළ පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලදී ය.

සැකකරුවන් සතුව තබී ව්‍යාජ ලෙස සකස් කළ ගමන් බලපත්‍ර 5ක් ද පොලීසිය සොයා ගෙන තිබේ.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පිළියන්දල, ඇරැව්වල ප්‍රදේශයේ නිවසක තිබී ව්‍යාජ රියැදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ය.