ස්පෝර්ට්ස් ෆස්ට් – මොබිටෙල් ප්ලැටිනම් සම්මාන උළෙලේ රථ පෙළපාලිය යාපනයෙන් ඇරඹේ (Video)

ස්පෝර්ට්ස් ෆස්ට් – මොබිටෙල් ප්ලැටිනම් සම්මාන උළෙලේ රථ පෙළපාලිය යාපනයෙන් ඇරඹේ (Video)

කර්තෘ Chathuranga Rajapaksha

29 Sep, 2014 | 3:53 pm

ස්පෝර්ට්ස් ෆස්ට් – මොබිටෙල් ප්ලැටිනම් සම්මාන සඳහා වූ ඉල්ලුම්පත් ලබා ගැනීමේ අවස්ථාව දැන් ඔබටත් උදා වී තිබේ.

ඒ ගමින් ගමට සංචාරය කරන අපගේ ප්‍රවර්ධන රථ පෙළපාලි‍යෙනි.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම ස්පෝ‍ර්ට්ස් ෆස්ට් – මොබිටෙල් ප්ලැටිනම් සම්මාන උළෙලේ මූලික අරමුණ වේ.

එහි  ප්‍රවර්ධන රථ පෙළපාලිය අද පෙරවරු නවයට පමණ යාපනය නගර මධ්‍යයෙන් ගමන් ආරම්භ කළේය.

සම්මාන අපේක්ෂා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම ප්‍රවර්ධන රථ පෙළපාලියෙන් ඉල්ලුම්පත් ලබා ගැනීමේ අවස්ථාව ද හිමිවේ.

ඔබේ ජනප්‍රියතම ක්‍රීඩකයා නම් කර රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග තුනක් දිනා ගැනීමේ අවස්ථාව ද ක්‍රීඩා ලෝලීන්ට එහිදී උදා වනු ඇති.

අද ආරම්භ වූ‍ ප්‍රවර්ධන රථ පෙළපාළිය හෙට කිලිනොච්චිය නරගයට පැමිණීමට නියමිත අතර සම්මාන උළෙලේ තොරතුරු  0710 420 420 දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි ය.

IMG-20140929-WA0000 IMG-20140929-WA0001 IMG-20140929-WA0002 IMG-20140929-WA0004 IMG-20140929-WA0008

මෙම රථ‍ පෙළපාලිය අතර තුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙකුට සම්මාන ලබා දීමට ද කටයුතු කර තිබේ.

එහි පළමු සම්මානය යාපනය අරුණෝදය විද්‍යාලයේ ඒ. පවිත්‍රා ක්‍රීඩිකාවට හිමි වූවා ය.

ඇය නිමාවූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ රිටි පැනීමේ කාන්තා ඉසව්වේදී නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූවා ය.

A Pavithra

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]